Saturday, July 7, 2012


"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා !"
Sinhala Fonts can be Downloaded here Sinhala Fonts can be Downloaded here


භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ගුණ සිහි කොට වන්දනා කිරීම..
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
01. වන්දේ අරහං භගවන්තං
02. වන්දේ සම්බුද්ධමුත්තමං
03. වන්දේ විජ්ජාචරණවීරං
04. වන්දේ සුගතනායකං
05. වන්දේ ලෝකවිදුං නාථං
06. වන්දේ අනුත්තරං මුනිං
07. වන්දේ මග්ගදස්සාවිං
08. වන්දේ සාරථිනායකං
09. වන්දේ දේවමනුස්සානං
10. වන්දේ බුද්ධමහාමුනිං
11. වන්දේ විජිතසංගාමං
12. වන්දේ සුගතසාරථිං
13. වන්දේ පාරගතං බුද්ධං
14. වන්දේ තථාගතං වරං
15. වන්දේ ලෝකන්තදස්සාවිං
16. වන්දේ සරණමුත්තමං
17. වන්දේ ඉන්ද්‍රියසම්පන්නං
18. වන්දේ නිබ්බුතං සිවං
19. වන්දේ නරාසභං බුද්ධං
20. වන්දේ සම්බුද්ධනායකං
21. වන්දේ පුරින්දදං සෙට්ඨං
22. වන්දේ සක්‍යමුනිං වරං
23. වන්දේ ධම්මධජංකේතුං
24. වන්දේ අමතදායකං
25. වන්දේ සංගාතිගං සෙට්ඨං
26. වන්දේ තිණ්ණසාගරං
27. වන්දේ විසාරදං ඛේමං
28. වන්දේ වේදගුං මුනිං
29. වන්දේ සමණපුණ්ඩරීකං
30. වන්දේ කේවලිං මුනිං
31. වන්දේ අභිනීලනෙත්තං
32. වන්දේ ලෝකපූජිතං
33. වන්දේ අප්පටිමං අතුලං
34. වන්දේ අප්පටිපුග්ගලං
35. වන්දේ අනාසවං බුද්ධං
36. වන්දේ සත්තමංඉසිං
37. වන්දේ ගෝතමං බුද්ධං
38. වන්දේ ධම්මපවත්තකං
39. වන්දේ සබ්බඤ්ඤුුතං ඤාණං
40. වන්දේ ලෝකවිනායකං
41. වන්දේ අනාවරණ දස්සිං
42. වන්දේ සමන්තභද්දකං
43. වන්දේ අච්ඡුරියඤාණං
44. වන්දේ ගුණාකරං මුනිං
45. වන්දේ මග්ගවිදුං බුද්ධං
46. වන්දේ මග්ගකෝවිදං
47. වන්දේ නිබ්බාණමක්ඛාතං
48. වන්දේ සුගතමුත්තමං
49. වන්දේ මහාපුරිසවීරං
50. වන්දේ අකුතෝභයං මුනිං
51. වන්දේ අභිවිජයලෝකං
52. වන්දේ ගෝතම මහා මුනිං
53. වන්දේ අනුත්තරං සීහං
54. වන්දේ සච්චනාමකං
55. වන්දේ නිපුණත්ථදස්සිං
56. වන්දේ තථාගතං මුනිං
57. වන්දේ තිලෝකසරණං
58. වන්දේ සුරියතමෝනුදං
59. වන්දේ විමුත්තිසම්පන්නං
60. වන්දේ අභයදායකං
61. වන්දේ තිභුවනවිජිතං
62. වන්දේ පරමසුන්දරං
63. වන්දේ මහාපුරිසවරං
64. වන්දේ ලෝකපූජිතං
65. වන්දේ නිබ්බාණදස්සාවිං
66. වන්දේ නිබ්බාණදායකං
67. වන්දේ නිබ්බාණමචලං
68. වන්දේ නිබ්බාණමහාමුනිං
69. වන්දේ තාරපතිං බුද්ධං
70. වන්දේ ආදිච්චබන්ධුනං
71. වන්දේ සක්‍යවිභූසනං
72. වන්දේ පරමපූජිතං
73. වන්දේ තණ්හක්ඛයං වීරං
74. වන්දේ මෝහපදාලිතං
75. වන්දේ ලෝකේකනෙත්තං
76. වන්දේ සුගත මහාමුනිං
77. වන්දේ පාරගතං වේදං
78. වන්දේ එ්ක චක්ඛුමං
79. වන්දේ සීතලහදයං
80. වන්දේ බ‍්‍රහ්මසාරථිං
81. වන්දේ සමාධිසම්පන්නං
82. වන්දේ කල්‍යාණමුත්තමං
83. වන්දේ පඤ්ඤාබලප්පත්තං
84. වන්දේ ඣාන නිස්සයං
85. වන්දේ දසබලං වීරං
86. වන්දේ විසාරදං වරං
87. වන්දේ වන්තකසාවන්තං
88. වන්දේ සද්ධම්මදායකං
89. වන්දේ සුගතං මහාපඤ්ඤං
90. වන්දේ අංගීරසං මුනිං
91. වන්දේ ආරද්ධවිරියං
92. වන්දේ ගෝතම මහාමුනිං
93. වන්දේ අසමසමං බුද්ධං
94. වන්දේ දිපදානමුත්තමං
95. වන්දේ තිභුවනාලෝකං
96. වන්දේ අසමමහාමුනිං
97. වන්දේ අතිතුලං බ‍්‍රහ්මං
98. වන්දේ කණ්හපමද්දනං
99. වන්දේ පරිපුණ්ණ කායං
100. වන්දේ චාරුදස්සනං
101. වන්දේ මහාධම්මරාජං
102. වන්දේ රුචිරදස්සනං
103. වන්දේ සුදුල්ලභං බුද්ධං
104. වන්දේ මාරාභිභුං මුනිං
105. වන්දේ බුද්ධං භගවන්තං
106. වන්දේ සුගතං භගවන්තං
107. වන්දේ අරහං භගවන්තං
108. වන්දේ වන්දේ භගවන්තං
සාධු! සාධු!! සාධු!!!


Download Buddhanussathi Bavana - (Ven .ven kiribathgoda gnanananda thero -Mahamevnawa) -  Mp3

Download Buddhanussathi Bavana - (Ven .ven kiribathgoda gnanananda thero -Mahamevnawa) -Word file (.Doc)

- බුද්ධානුස්සති භාවනාව -
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා, ප‍්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක.
බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලූන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. කණින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආසාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක. ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලූන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක.
බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, අරහං වන සේක, අරහං වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ, දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ සේක. ප‍්‍රහාණය කළ යුතු වූ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම ප‍්‍රහාණය කොට වදාළ සේක. සාක්‍ෂාත් කළ යුතු වූ, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම සාක්‍ෂාත් කොට වදාළ සේක. ප‍්‍රගුණ කළ යුතු වූ, දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම ප‍්‍රගුණ කොට වදාළ සේක.
මේ චතුරාර්ය සත්‍යය ධර්මයන්, සත්‍ය ඤාණ වශයෙන්ද, කෘත්‍ය ඤාණ වශයෙන්ද, කෘත ඤාණ වශයෙන්ද, පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, සම්මා සම්බුද්ධ වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීමද පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවීමද ජලයේ සක්මන් කිරීමද සියල්ල විනිවිද නොපෙනී ගමන් කිරීම ආදී අනන්ත ප‍්‍රාතිහාර්යයන්ගෙන් යුතු ඉර්ධිවිධ ඤාණය ලබා ගත් සේක. දුර තිබෙන රූපයන්ද ළඟ තිබෙන රූපයන්ද දැකීමේ හැකියාව වූ දිබ්බචක්ඛු ඤාණය ලබාගත් සේක. දුර තිබෙන ශබ්දයන්ද ළඟ තිබෙන ශබ්දයන්ද ඇසීමේ හැකියාව වූ දිබ්බසෝත ඤාණය ලබා ගත් සේක. සියලූ ලෝක සත්වයින්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් සේක. සියලූ ලෝක සත්වයන් උපදින ආකාරයද කර්මානුරූපව චුතවන ආකාරයද දැකීමේ හැකියාව වූ චුතූපපාත ඤාණය ලබාගත් සේක. සියලූ ආශ‍්‍රවයන් මුලූමනින්ම නැති කොට ඤාණාලෝකය උපදවාගෙන ආසවක්ඛ්‍යය ඤාණය ලබා ගත් සේක.
මෙසේ අනන්ත ඤාණයෙන්ද අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන් ද අනන්ත ගුණයෙන් ද සමන්විත නිසා බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග සොයාගෙන සුන්දර නිවනට වැඩම කළ නිසා සුගත වන සේක, සුගත වන සේක, සුගත වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලූ බ‍්‍රහ්ම ලෝකද සියලූ දිව්‍ය ලෝකද මේ මිනිස් ලෝකයද සියලූ පේ‍්‍රතලෝකයද සතර අපාය ආදී මේ සියලූ ලෝකයන් අවබෝධ කොට ගෙන සියලූ ලෝක වලින් නිදහස් වූ නිසා ලෝකවි¥ වන සේක, ලෝකවි¥ වන සේක, ලෝක විදූ වන සේක.
මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප‍්‍රාතිහාර්යයෙන්ද, අනුන්ගේ සිත් දකිමින් දහම් දෙසීම නම් වූ ආදේශනා ප‍්‍රාතිහාර්යයෙන්ද, අනුශාසනා ප‍්‍රාතිහාර්යයෙන්ද අකීකරු දෙව් මිනිසුන්ව දමනය කොට දහමට කීකරු කරවා අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක…
මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ට ද, නුවණැති මිනිසුන්ට ද සසර කතරින් එතෙර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළ නිසා සත්තා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන් අන්‍යයන්ටද අවබෝධ කරගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක, බුද්ධ වන සේක. බුද්ධ වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, මේ සියලූ සම්බුදු ගුණ දරාගැනීමට තරම් භාග්‍ය ඇති සේක. හිරු සඳු එළිය පරදවන අනන්ත ආලෝකය ඇති ප‍්‍රඥාලෝකය දරාගැනීමට තරම් භාග්‍ය ඇති සේක. මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඬලක් දරා වැඩසිටීමට තරම් භාග්‍ය ඇති සේක. භාග්‍ය ඇති සේක. භාග්‍ය ඇති සේක. බුදුරජාණන් වහන්සේ භගවා වන සේක, භගවා වන සේක, භගවා වන සේක.
බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි……
අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!


 
 



Paying Homage to Buddha - click here to Download mp3 (Mahamevnawa)
  • Salutation to supreme Buddha, going for refuge to Buddha, Dhamma & Sangha.
  • Observing five precepts, Homage to Buddha, Dhamma & Sangha offering.
  • Chanting : Dependent origination (pali)
  • Chanting :Stanza of Bliss of Nibbana (pali)
  • Chanting :Jewels Discourse (pali)
  • Loving kindness meditation, sharing merit, paying homage to Bhantes.